චන්දිමාල්ගෙන් කලගුණ සැලකීමක්

තමා ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකළ ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෝක ළමා දිනය යෙදුණු ඊයේ(01) සිසු අයිතියට පත්කෙරුණි.

මෙම ක්‍රීඩාංගණය ධර්මාශෝකයට මෙන්ම ප්‍රදේශයේ අනෙකුත් විදුහල්වලවලටද විවෘතවීම විශේෂත්වයකි.

වසර ගණනාවක සිට ගාල්ල අවට ඇති පාසල් සඳහා ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයක අවශ්‍යතාව පැවතුණි.

චන්දිමාල්ගේ ඉල්ලීම පරිදි මෙම ක්‍රිඩාංගණය නම් කෙරුණේ සිය ක්‍රිකට් ජීවිතයට අතහිත දුන් ඩීමෝ ආයතනයේ අධිපති රන්ජිත් පණ්ඩිතගේ මහතාගේ නමින්ය.

යුද හමුදා ඉංජිනේරු බළකායේ ශ්‍රම දායකත්වයෙන් දින 40ක් වැනි කෙටි කාලයකින් ඉදිකෙරුණු මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය සඳහා චන්දිමාල් වැය කළ මුදල රුපියල් කෝටි දෙකකට අධිකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *