හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1980 සිට 1990 දක්වා ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ සිටියදී බෝර 12 තුවක්කු 104 ක් ලබා දුන් අතර තවමත් එම අවි ආපසු ලබා දී නොමැති බව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
1980 සිට 1990 දක්වා දේශපාලඥයින් 154 දෙනෙකුට ගිනි අවි 698ක් පමණ නිකුත් කර ඇති නමුත් මෙතෙක් ඒවා භාරදී නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවට ලේඛනයක් ඉදිරිපත් කරමින් අනාවරණ කළා.
එම ලේඛනයට අනුව එම දශකය තුළ වැඩිම ආයුධ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ හිටපු ජනාධිපති කුමාරතුංග මහතාට වන අතර සියලුම අවි ආයුධ ලබාගෙන ඇත්තේ 1988 වසරේදී කුමාරතුංග මහත්මිය විසිනි.
අර්ධ ස්වයංක්‍රීය මිලිමීටර් 9 පිස්තෝල 41 ක්, රිවෝල්වරයක් සහ බෝර 12 වෙඩි බෙහෙත් 656 ක් මේ දක්වා ආපසු ලබා දී නොමැති බව ද එහි සඳහන් විය. තමන්ට නිකුත් කළ ගිනි අවි ආපසු භාර නොදුන් දේශපාලනඥයින් සැලකිය යුතු පිරිසක් මේ වන විට මියගොස් ඇත.
බෝර 12 තුවක්කු ආපසු ලබා දීමට අපොහොසත් වූ ප්‍රමුඛ දේශපාලනඥයන් අතර එච්.එස්.ඒ. කරුණාරත්න (පරිපාලන ලේකම් – ලංකා සමසමාජ පක්ෂය -16), ඇලික් අලුවිහාරේ (05), පීටර් කේනමන් (01), පී දයාරත්න (05), ටියුඩර් ජයරත්න (5), ටිරෝන් ප්‍රනාන්දු (5), නන්ද මැතිව් (05), ගාමින් අතුකෝරල (5) යනාදී වශයෙන්.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් කියා සිටියේ රජය මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජය තීරණයක් ගන්නා තුරු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ රාජ්‍ය බුද්ධි සේවයට උපදෙස් ලබාදුන් බවද ඔහු කියා සිටියා.