ඝාතනයකට සූදානම්වෙමින් සිටි වෙඩික්කරු මාට්ටු

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරු ඝාතනය කිරීමට සූදානමින් සිටි  වෙඩික්කරු    හා තවත් පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍යය හා  යතුරුපැදි දෙකක් සමග අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස්  පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම වෙඩික්කරු ඉකුත් වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති තුසිත හල් ඔලුව මහතාට නාරහේන්පිට  ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් මගින් ඇප නිකුත් කළ පුද්ගලයකු බවට අනාවරණය වී යයි පොලිසිය  සඳහන් කරයි.

එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍යය මිලිගෑම් 25,650 හා ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරුපැදි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත .

ගෑන්ඩ්පාස්  පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශංක විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් වසමේ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරී යෙදී සිටියදී තොට ළඟ වික්ටෝරියා පාලම අසලදී සැක සහිත යතුරුපැදියක් නවතා පරික්ෂා කිරීමේදී එම යතුරු පැදියේ ලියාපදිංචි අංක තහඩු ව්‍යාජ ලෙස සකසා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යය  මිලිගෑම් 12,450 ක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *