ගෝඨා ශ්‍රී ලංකාවට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(23) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ සිංගප්පූරුවේදී වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුවය.

සිංගප්පූරුවෙදී සිදු කරන ලද ශල්‍යකර්මයකින් පසු සති 6ක  විවේකයක් ගත කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ ශ්‍රී ලංකාවට පැමිණි අතර කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් ඔහු පිටව ගි‍ය බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන සන්ධානය හරහා එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඉදිරියෙන්ම ඇත.

එළැඹෙන අගෝස්තු 11 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව පැවැත්වෙන අතර
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම පක්‍ෂ නායකත්වයට පත්වන බවත් ඔහු විසින් මීළඟ ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ඇති බවත් දේශපාලන ආරංචි වාර්තා කරයි.

(Image – Colombo Telegraph)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *