LK reports news sinhala

ගෝඨා දරුණු නෑ – බැසිල්ගෙන් සහතිකයක්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු පුද්ගලයෙකු නොවන බවත් ඔහු ඒකාධිපති පාලකයකු වේ යැයි කිසිවකු බියවිය යුතු නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

අගෝස්තු 11වැනිදා පොදුජන පෙරමුණේ සම්මේලනය පැවැත්වීම සම්බන්ධයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ සමුළුව සඳහා කැඳවා ඇත්තේ නිල ලෙස නම් කරන ලද පිරිසක් පමණක් යයිද එම පිරිස පක්ෂ ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන්ම කැඳවිය යුතු පිරිසක් බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අගෝස්තු සමුළුවේදී මහින්ද රාජපක්‍ෂ මහතා පක්ෂ නායකයා ලෙස පත් කරන බවත් ඔහු විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවත් බැසිල් රාජපක්ෂ මහතා තව දුරටත් සඳහන් කළේය.

(උපුටා ගැනීම – විගස පුවත්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *