ගෝඨාභය රාජපක්ෂ තම මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් සැපයූ විශාල සමාගම්වලට බදු සහන ලබාදීම රට බංකොලොත් භාවයට ගෙන ගිය පළමු පියවර බව ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගය සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2023 අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ මෙගා සමාගම් සතුටු කිරීමට බදු සහන ලබාදීමෙන් ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 681ක පාඩුවක් සිදුව ඇති බවයි.
“ජාතික ආර්ථිකය විනාශ කිරීමේ මාවත ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පළමු අයවැයෙන් ආරම්භ විය. මෙම සමාගම් හිමිකරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්වීමට පෙර කොළඹ ෂැංග්‍රිලා හිදී හමුවී ඇති අතර එහිදී ඔහුගේ ප්රචාරක කටයුතු සඳහා මුදල් ලබාදෙන බවට පොරොන්දු වී තිබේ. ඒ වෙනුවෙන් ගෝඨාභය පොරොන්දු වූයේ තමන් ජනාධිපති වූ පසු බදු සහන ලබාදෙන බවයි. ගෝඨාභය බදු සහනය දුන්නේ තමන්ට උදව් කරපු අය සතුටු කරන්න. එවැනි එක් සමාගමක් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට රුපියල් බිලියනයක් ලබාදී තිබුණා. වියත් මග කියන අය තමයි මේක පිටිපස්සේ හිටියේ” කිරිඇල්ල කීවේය.