“ගෝඨාගෝගම” ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් රිමාන්ඩ්…

අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණවලදී වාර්තා වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් “ගෝඨාගෝගම” ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ජුලි 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

රජයට සහ ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව පසුගිය ජුනි 09 සහ 10 යන දිනවල මෙම විරෝධතා පැවැත්විණි.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දස දෙනා අද මරදාන පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ශ්‍රී ලාංකික යූ ටියුබ්කරු රතිදු සුරම්‍ය හෙවත් රත්තා, ශිෂ්‍ය සංගම් නායක වසන්ත මුදලිගේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *