ගොඩ ගැසු තල් මසුන්ගෙන් පස් දෙනෙකු මරුට.

පානදුර වෙරළ තීරයට ඊයේ (02) පස්වරුවේ තල්මසුන් විශාල සංඛ්‍යාවක් ගොඩගසා තිබුණි.

ඇඳිරි නීති තත්ත්වය පවා නොතකා ප්‍රදේශවාසීන්, හා නවික වෙරළ ආරක්ෂක නිළධාරීන් එක්ව තල්මසුන් යළි දියඹට යැවීමට උත්සාහ කරනු දක්නට ලැබුනි.

කෙසේවෙතත් අද වාර්තා වූයේ එම තල්මසුන් අතරින් පස්දෙනෙක් මියගොස් ඇති බවය.

ඊයේ පස්වරු 2ට පමණ තල්මසුන් 50ත් 60ත් අතර සංඛ්‍යාවක් පානදුර වෙරළ තීරයට ගොඩගසා තිබුණු අතර වෙරළට ගොඩගසා තිබූ තල්මසුන් යළි මුහුදට තල්ලු කිරීමට ප්‍රදේශවාසීන්, හා නවික වෙරළ ආරක්ෂක නිළධාරීන් විශාල උත්සහයක් ගෙන තිබුනි.

කෙසේවෙතත් පානදුර , නල්ලූරුව සහ වාද්දුව යන වෙරළතීර වලට ගොඩගසා සිටි තල්මසුන් තිදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා විය.

මෙලෙස වෙරළට ගොඩගසා ඇත්තේ “ඩෙල්ෆිනිඩේ පවුලේ ග්ලෝබිසිෆෙලා” කුලයට අයත් කෙටි වරල් සහිත තල්මස් විශේෂයකි,තවද මෙම තල්මසුන් “නියමු තල්මසුන් – Pilot Whales” ලෙසද හඳුන්වන අතර ඔවුන්ගේ වාසභූමිය ලෙස ඉන්දියන් සාගර කළාපය සැළකේ .

පසුගිය මාසයේදී දකුණු ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා වෙරළ තීරයටද මෙලෙස විශාල සංඛ්‍යාවක් තල්මසුන් ගොඩගසා තිබූ අතර ඉන් තල්මසුන් 400ක් පමණ මියගොස් තිබුණි.

ගොඩ ගැසු තල් මසුන්ගෙන් පස් දෙනෙකු මරුට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *