ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විරෝධතාවක

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව තිබේ.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් එම විරෝධතාවයේ නිරත වන බව වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේය.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ කරන උද්ඝෝෂණය පසුව ජනාධිති ලේකම් කාර්යාල දක්වා ගමන් කිරීමට නියමිතය.

සිය ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මේ වන විටත් දින 11ක්  පුරා මාර්ගගත ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වීමට ගුරුවරුන් කටයුතු කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අදාළ ඉල්ලීම් ලබාදෙන තෙක් තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

කෙසේවෙතත් ගුරු වෘත්තිය සමිති ඉල්ලා සිටින පරිදි ක්ෂණික ව වැටුප් ඉහළ දැමිය නොහැකි බවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *