ගුරුවරුන්ට සහ අධ්‍යන කාර්යය මණ්ඩල වෙත පණිවිඩයක්

පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් -19 එන්නත ලබාගෙන නොමැති නම් එය කඩිනමින් ‍දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එවන් අයෙක් සිටී නම් තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.

විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් -19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් සිදුවෙමින් පවතින බව ද අමාත්‍යාංශය දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *