ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

ඊයේ (15) රාත්‍රී කාලයේදී අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ නගරයේදී වැටලීමක් සිදුකර තිබේ.

එහිදී රිවොල්වර අවියක් එම පතරොම් 02ක් හා 9mm වර්ගයේ පතරොමක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 29ක් වූ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තවද ඊයේ දහවල් කාලයේදී රස්නායකපුර පොලිස් වසමේ මගුරන්කඩවල ප්‍රදේශයේදී රස්නායකපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙරට නිශ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 73ක් වූ පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම පිටිගල පොලිස් වසමේ පැල්පිට වත්ත ප්‍රදේශයේදී පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිශ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28ක් වූ මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර ඊයේ දහවල් කාලයේදී අම්පාර පොලිස් වසමේ තිස්සපුර ප්‍රදේශයේදී අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 48ක් වූ තිස්සපුර, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම නාන්නේරිය පොලිස් වසමේ ඉගිණිමිටිය රක්ෂිතයේ කාටුවැව ප්‍රදේශයේදී නාන්නේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.

එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 33ක් වූ මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *