ගෑස් ටොන් 3,000ක් ලංකාවට: පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

මෙට්රික් ටොන් 3,000කට අධික ගෑස් තොගයක් රැගත් නෞකාවක් ශ්රී ලංකාවට ළඟා වීමත් සමඟ, ගෘහස්ථ සහ වාණිජ පාරිභෝගිකයින් වෙත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කරන බව ලාෆ්ස් ගෑස් (LAUGFS Gas PLC) සමාගම නිවේදනය කරයි.
ගෑස් තොගය රැගත් නෞකාව මෙරටට පැමිණ ඇති බව නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළ සමාගම, ගෘහස්ථ මෙන්ම වාණිජ පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර ලබාගැනීමේ පහසුව තහවුරු කිරීම උදෙසා අදියර කිහිපයකින් ක්රමානුකූලව සැපයුම යථා තත්ත්වයට පත්කරන බව සඳහන් කළේය.
මේ අතර, අලෙවි නියෝජිත ස්ථාන වෙත යාමට පෙර ගෑස් සිලින්ඩර තොග පවතින්නේද යන්න පිළිබඳව කල්තියා තහවුරු කරගන්නා ලෙස සමාගම පාරිභෝගික ජනතාවට උපදෙස් දෙයි.
ගෑස් තොග පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා තමන්ට ළඟම ඇති බලයලත් ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයා අමතන ලෙස හෝ සමාගමේ 1345 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විමසන ලෙසද ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් දැනුම් දෙයි.




