කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇතිවී තිබේ.
ඒ හේතුවෙන් කැපුම් තුවාල ලැබූ 4 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ මෙම තුවාල කරුවන් සියලු දෙනා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවයි.
වයස අවුරුදු 15, 17, 18, 20 වයස්වල සිවු දෙනෙකු මෙසේ තුවාල ලබා ඇත.