ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර බෝවන Meningococcal රෝගය සමාජය තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයෝ අදහස් පළ කළහ.
එය බෝවන රෝගයක් බැවින් බන්ධනාගාරයට පැමිණි පුද්ගලයින් ආසාදිත රැඳවියන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූයේ නම් බන්ධනාගාරයෙන් බැක්ටීරියා පිටතට යාමේ හැකියාවක් පවතින බව බෝවන රෝග රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.
කෙසේ වෙතත්, බැක්ටීරියාව සමාජයට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.
“රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයට ද රෝග නිවාරක ප්‍රතිජීවක ලබා දී ඇත. රෝගයේ මූලික මූලාශ්‍රය හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව, මෑතකදී බන්ධනාගාරයට පැමිණි පිටස්තර පුද්ගලයින් සොයා ගැනීමට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) වෙත දැනුම් දී ඇති බව වෛද්‍ය විජේසූරිය මහතා පැවසීය.
මේ අතර පවතින තත්ත්වය හමුවේ ගාල්ල බන්ධනාගාරයේ සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, Meningococcal යනු Neisseria meningitides නම් බැක්ටීරියාව මගින් බෝවන රෝගයක් වන අතර එය මොළයේ සහ සුෂුම්නාවෙහි ආසාදනයක් වන මෙනින්ජයිටිස් ඇති කළ හැකි අතර එය රුධිර ආසාදනවලටද හේතු විය හැක.
තවත් රැඳවියන් දහසය දෙනෙකු එම ආසාදනය සඳහා දැනට ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ද තහවුරු කර ඇත.
මේ අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 1,023ක් සිටිති.