ග්‍රාමීය බැංකුවල කෝටි 1000ක් පිල්ලි ගිහින්

ග්‍රාමීය සහ විවිධ    සමූපකාර බැංකුවල සිදුවී ඇතැයි පැවසෙන රුපියල් කෝටි දාහකට වැඩි  මුදල් වංචා දූෂණ සහ අක්‍රමිකතා විගණනයේ යම් යම් දුර්ලතා සහ ප්‍රමාදයන් හේතුවෙන් කාලයක් තිස්සේ සොයා ගැනීමට නොහැකිව ඇතැයි  වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් රත්නායක මහතා පැවසීය.

බස්නාහිර පළාතේ පමණක් ග්‍රාමීය සහ සමූපකාර  බැංකුවල රුපියල් කෝටි 500කට වැඩි
මුදල් වංචා සිදුව ඇති බව පැවසූ  නියෝජ්‍ය අමාත්‍යවරයා මෙයට අමතරව වයඹ සහ මධ්‍යම පළාත්වලද  විශාල වශයෙන් මුදල් වංචා   සිදුව ඇති බව ප්‍රකාශ කළේය.

ග්‍රාමීය බැංකුවල දූෂණ වංචා සහ අක්‍රමිකතා බොහෝ ප්‍රමාණයක් පළාත් මට්ටමේ විගණනයෙන් සොයා ගැනීමට නොහැකිව ඇති බවත් ඇත්තටම සිදු වූ දූෂණ වංචාද  විගණන  ප්‍රමාදයන් හේතුවෙන් අනාවරණය කරගත  නොහැකිව පවතින  බවත් ඔහු සඳහන් කළේය.

මේ අනුව අමාත්‍යාංශය විගණනය ශක්තිමත් කර ගැනීමට මැදිහත් වෙමින් සිටින බව  පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා  ග්‍රාමීය බැංකු විගණනය සිදුවන්නේ පළාත් විෂයට අදාළව බවද ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන්  සමූපකාර කොමසාරිස්වරිය සමඟ දීර්ඝව  සාකච්ඡා කරන බවද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *