ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගලයෙකු වැටී සිටින බවට ලද පණිවිඩයක් මත ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වු ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකි. මහෙස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතය. ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2021-04-07