මේ වසරේ ගතවූ මාස 06 තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 4,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසුවේ,
“ළමා අපයෝජන පැමිණිලි ගිය වර්ෂයේ ලැබිලා තිබුණා 8165ක්. මේ වර්ෂයේ මැයි 30 වන විට 4,000ක් පමණ ලැබිලා තිබෙනවා. පසුගිය මාස 6තුළ අපිට ලැබුණ දුරකථන පණිවුඩ සංඛ්‍යාව 48,000ක්. සියලු වර්ගයේ පැමිණිලි අපි භාර ගන්නවා. ඔබ කිසියම් දරුවෙකුගේ කිසියම් වෙනස්වීමක් නිරීක්ෂණය කළොත් ළඟම ඇති පොලීසියට දන්වන්න. එසේත් නැතිනම් 1929 අංකයෙන් අපිට දැනුම් දෙන්න.” යනුවෙනි.
“ළමයා සහ නීතිය” ලෙස 06 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට දැනුම ලබාදීම සඳහා අතිරේක පොත් 03ක් මේ වනවිට සකස් කරමින් පවතින බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.
එහි වැඩ 75%ක් පමණ මේ වනවිට අවසන් කර ඇති බවද ඔහු පැවසීය.