පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ල සංජීවට අයත් අවිආයුධ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නිට්ටඹුව මාඉඹුල ප්‍රදේශයේ සඟවා තිබියදී මෙම ආයුධ තොගය සොයාගෙන ඇත.
මෙහිදී ජීව අත්බෝම්බ 02ක්, මයික්‍රෝ වර්ගයේ ගිනිඅවියක්, රිවෝල්වරයක් සහ ටී 56 උණ්ඩ 43ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.
සංජීව කුමාර නොහොත් ගණේමුල්ල සංජීව නැමති මෙම අපරාධ කල්ලි සාමාජිකයා මේ වනවිට දින 90ක රැදවුම් නියෝග මත රදවා තබාගෙන විමර්ශන සිදුකරමින් ඇත.