ගංවතුර සහ නායයෑම් තත්ත්වයන්ට සහය වීමට ගුවන් හමුදාව සූදානමෙන්…

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති විය හැකි ගංවතුර සහ නායයෑම් වලදී සහන සැලසීම සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් යානා සහ අදාළ පිරිස් යෙදවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම්ව සිටී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ නායයෑම් අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව යම් සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වලදී ගුවන් යානා සහ ඒ ආශ්‍රිත පිරිස් සීරුවෙන් තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා රත්මලාන, කටුනායක, හිඟුරක්ගොඩ සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරුවල ස්ථානගත කර ඇති අතර මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂ කණ්ඩායම් සූදානම්ව සිටින බව එම ප්‍රකාශකයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *