ගංවතුර සම්බන්ධයෙන් වූ අවදානම් සහගත තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින හෙයින් අනතුරු ඇඟවීම් නිවේදන ඉවත් කරනු ලැබ ඇත

පසුගිය පැය 24 තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවීම හේතුවෙන් ගංඟාවල ගංවතුර සම්බන්ධයෙන් වූ අවදානම් සහගත තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය මගින් නිකුත් කරන ලද පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන ඉවත් කරනු ලැබූ බව දැනුම් දෙයි.

කළු, කැලණි, ගිං, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔය සඳහා එම නිවේදන නිකුත් කර තිබුණි.

ඉදිරිදින සඳහා වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකි මගින් සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නොමැති නිසාත්, පසුගිය දිනවල දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ ගංඟාවලින් වාර්තා වූ තරමක් ඉහළ ජල මට්ටම් මේ වනවිට සැලකිය යුතු ලෙස පහළ යමින් පවතින නිසාත් එම පියවර ගත් බව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *