ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය මාස දහය තුළ රුපියල් බිලියන 70 ක පාඩුවක් ලැබුවා – බලශක්ති ඇමැති

පසුගිය මාස 06 තුළ කිසිදු මිල සංශෝධනයක් සිදු කර නොමැති බැවින් මාස දහයක් තුළ පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 70 ක පාඩුවක් ලබා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ගම්මන්පිල කියා සිටියේ මිල සංශෝධනය නොකරන්නේ නම් අවම වශයෙන් බදු අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

පසුගිය මාස 6 තුළ ඉන්ධන මිල ඉහළ නොදැමූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය ගම්මන්පිල මහතා පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකිණීමේ සැලසුමක් නොමැති බවත් එය මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා බවත් දින 50කින් එය විවෘත කිරීමට බලාපොරොත්තු වූ නමුත් ඊට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

වසර 50කට වඩා පැරණි බැවින් එයට ඉල්ලුමක් නොමැති බවත් කෙසේ වෙතත් මෙම තෙල් පිරිපහදුව පවත්වාගෙන යාම ගැටලුවක් බවත් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *