චීනය උතුරේ දූපත් තුනක විදුලි ව්‍යාපෘති අත්හිටුවයි

තුන්වන පාර්ශ්වයක් විසින් මතු කරන ලද ආරක්ෂක ගැටළු හේතුවෙන් චීනයේ Sino Soar Hybrid Technology Co Ltd විසින් උතුරු පළාතේ දූපත් තුනක විදුලි ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කර තිබේ.

චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඒ වෙනුවට සමාගම නොවැම්බර් 19 වන දින මාලදිවයින් රජය සමඟ දිවයිනේ දූපත් 12 ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.

මෙම කොන්ත්‍රාත්තුව යටතේ, මෙගාවොට් 2.5ක Solar PV, 975kW Battery Energy Storage System (BESS) ස්ථාපනය කෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 2,900ක් වළක්වා ගැනීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *