කෝටි 300ක කුඩු විනාශ කරයි

රුපියල් කෝටි 300 කට ආසන්න හෙරෝයින් හා අබිං මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පිහිටි අධි දහන උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා ඉදිරියේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන්ගේ රිඝු මැදිහත් විමේන් අද සිදුවිය.

මෙලෙස විනාශ කිරීම සිදුවුයේ 2021 වසරේ සැප්තැම්බර් මාසයේ මඩකලපුව කොට්ඨාශ අපරාධ කාර්යාංශයට ලැබුන තොරතුරක් මත නාවික හමුදාවේ සහාය ඇතිව අත් අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දි තිබු හෙරෝයින් කිලෝ 106 ග්‍රෑම්ස් 248 හා අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම්ස් 90.5ක් අදාල නඩු කටයුතු අවසන් විමේන් රඳවා තිබු මත්ද්‍රව්‍ය තොගයකී.

අදාල මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් නඩු කටයුතු අවසන් විමේන් පසු මෙලෙස අධිකරණ නියෝග මත විනාශ කිරීම සදහා නියෝග ලබා දී තිබුනී.

එම අධිකරණ නියෝග මත මෙම මත්ද්‍රව්‍ය තොගය අද දින උදෑසන කොළඹ මහසේත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය තොගය භාර ගැනිමේන් අනතුරුව දැඩි පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මත වනාතවිල්ලුව රැගෙන ඒම සිදුවිය.

එසේ රැගෙන ආ හෙරෝයින් හා අබිං මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙ නිළධාරීන්ගේ පරික්ෂාවෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා ඉදිරියෙදී මත්ද්‍රව්‍ය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධික්ෂණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.එන්.එම්.සි.හේරත් මහතාගේ මෙහෙය විමේන් අදාල දහන උදුනේ දි විනාශ කිරීම සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *