කෝටි 3ක දේපල වංචා කළ හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට

කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇළ, කණුවන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 64 ක කාන්තාවකි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය 3 වෙත ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි වානිජ අපරාධ විමර්ශන අංශය 3 නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *