කෝටි තුනක ඡංගම දුරකතන කටුනායකදී අල්ලයි

රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා නවීනතම ජංගම දුරකථන 397 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බව කියන ගුවන් මගියකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ රේගු අංශය කියයි.

එම ඡංගම දුරකතන තොගයක කටුනායක ගුවන් තොටුපොළ ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරව සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කිරීමකින් තොරව මෙම ජංගම දුරකථන තොගය මෙරටට රැගෙන විත් තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ  ඇපල් සහ සැම්සුන් වර්ගයේ නවීන ජංගම දුරකථන තොගය සඟවා ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *