කොළඹ 09 මහල් 14ක ගොඩනැගිල්ලකින් වැටී 12 හැවිරිදි දරුවෙකු මරුට

කොළඹ 09 ප්‍රදේශයේ මහල් 14කින් යුත් නිවාස සංකීර්ණයකින් ඇද වැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දරුවා තවත් ළමුන් කිහිපදෙනෙකු සමඟ ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පිහිටි පිහිනුම් තටාකය ආසන්නයේ සිට අවට ප්‍රදේශය නරඹමින් සිටියදී ගොඩනැගිල්ලේ තිබූ විවෘත ස්ථානයකින් පහළට ඇද වැටී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගෝස්තු 16 වැනිදා සවස මරදාන පොලීසියට තොරතුරු ලැබී තිබේ.

මියගිය දරුවා කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *