කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැය 18ක ජල කප්පාදුවක්…

හෙට (03) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසයි.

සෙනසුරාදා (03) පෙරවරු 08.00 සිට ඉරිදා (04) අලුයම 02.00 දක්වා ජල කප්පාදුව සිදු කෙරේ.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *