කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍ය පහසුකම් පුළුල් කෙරේ

කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍ය නළ පද්ධති හා තෙල් නැව්ගත කිරීමේ පහසුකම් සීමිත වීම නිසා තෙල් වෙළදාමට ඇතිව තිබූ බාධාකාරී තත්වය ඉවත් කිරීම පිණිස නව රජය විසින් කළ විශේෂ සැළසුමක පළමු අදියර ලෙස ඛණිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් කොළඹ වරාය දකුණු ජැටියේ සංවර්ධනය කරන ලද නව නල පද්ධතිය හා තෙල් නැව්ගත කිරීමේ පහසුකම ඔස්සේ ඛණිජ තෙල් සංස්ථාව විසින් මෙරට නැව් තෙල් වෙළදාමේ යෙදෙන පුද්ගලික සමාගමක් හරහා නැව් තෙල් ලබාදීම ප්‍රථම වරට  සිදු කෙරුණි.

මෙම අවස්ථාවට එක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අදහස් දක්වමින් පැවැසුවේ,   “මෙතෙක් කොළඹ වරායේ නැව් තෙල් සැපයීම කෙරුණේ ඩොල්පින් ජැටිය මාර්ගයෙන් විතරයි. ඒත් රටට තෙල් ගොඩබෑම් කටයුතුත් සිදු වුණේ එම ජැටියෙන් වීම නිසාම නැව් තෙල් සැපයුමට බාධා සිදු වුණා. ඒක නැව් තෙල් වෙළදාමට තිබුණු ලොකු බාධාවක්. අපි මේ තත්වය හදුනාගෙන වරායේ දකුණු ජැටිය හරහා නැව් තෙල් සපයන්න අතුරු නළ මාර්ගයක් හදලා පහසුකම් වැඩි දියුණු කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *