කොළඹ කොටස් වෙලඳපොළේ දැවැන්ත කඩාවැටීමක්…

කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළ අද දෛනික ගනුදෙනු 12.04 ට අත්හිටුවනු ලැබීය.

ඊට හේතු වූයේ පෙර දිනය හා සැසඳීමේ S&P SL20 දර්ශකය 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාමයි.

S&P SL20 දර්ශකය පෙර ගනුදෙනු දිනයට වඩා 5% ඉක්මවා පහළ ගියහොත් මිනිත්තු30 කාලයක් සඳහා ගනුදෙනු අත්හිටුවයි.

ගණුදෙනු නවතන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.63 කින් පහළ ගොස් ඒකක 9,551.44 ක් ලෙස දැක්විය.

S&P SL20 දර්ශකය ඒකක 156.02 කින් පහළ ගොස් ඒකක 3,009.31 ක් ලෙසත් සටහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *