කොහුවල, ආසිරි මාවතේ සම්පූර්ණයෙන්ම පිලිස්සී ගිය වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ අදාළ මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී ඇති අතර, මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බවයි.
මෙම මෝටර් රථය තුළ මරණයට පත්වි සිටි පුද්ගලයා කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට හඳුනාගෙන ඇති අතර, යම් ස්ථානයකින් රාත්‍රී ආහාර ගෙන එම මෝටර් රථයෙන් ගමන් කර ඇති බවටත් තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.