කොවිඩ් සැකකටයුතු මාතෘ රෝගීන් සඳහා නෙවිල් ප්‍රනාන්දු ‌රෝහල වෙන්කෙරේ‍

කොවිඩ් 19 සැකකටයුතු මාතෘ රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීම සදහා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන්කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසයි. එමෙන්ම කොළඹ සොයිසා හා කාසල්වීදිය කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය රොස්ටරයකට අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මාතෘ අංශයේ ප්‍රතිකාර අවශ්‍ය පරිදි ආරම්භ කරනු ඇති බවත් ඔහු පැවැසීය.

මිට අමතරව නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලද මේ වන විට කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් කර ඇති බවත්, කුඩා ළමුන් හා ළදරුවන් සඳහාද එහි පහසුකම් ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

එසේම කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාල රෝහලේද දැඩි සත්කාර ඒකකයේ ඇදන් 30ක් පමන මේ සඳහා වෙන්කර ඇති බවත් ඔහු පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *