කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය පුද්ගලයා බස් රථයක නැඟ නිවස බලා පිටත් ⁣වී ඇත

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු නාවලපිටිය කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ.

ඔහු නාවලපිටිය කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

ඉකුත් 20 වනදා පස්බාගේ කොරළේ සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔහුව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණි.

එහිදී රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් අදාළ කොවිඩ් වාට්ටුවට ඇතුළත් කර ඇත.

එහි ප්‍රතිකාර ලබමින් සිටි එම ආසාදිත පුද්ගලයා අද උදෑසන 8.00ට පමණ පළාගොස් තිබේ.

ඒ අනුව නිවස කරා යමින් සිටි ආසාදිත පුද්ගලයාව කුරුඳුවත්ත  මේරිවල පොලිස් මුරපොළ අසලදී අල්ලාගෙන තිබුණි.

ආසාදිත පුද්ගලයා ලංගම බස් රථයක ගමන් කර ඇති අතර එහි පිරිස නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *