කොවිඩ් මරණ 61 ක්

ඊයේ කොවිඩ් මරණ 61ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දින තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,441ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 61න් 36 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 25දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් 19 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.

සෙසු පුද්ගලයින් 42දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *