Skip to content

කොවිඩ් මරණ අඩු වීමට තව සති දෙක තුනක් වත් යයි – වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කොව්ඩ් මරණ ඉහළ ගියද ආසාදිතයින් වාර්තාවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

රාගම ශික්ෂණ රෝහලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

“සංචරණ සීමා දැන් දීර්ඝ කරලා තියෙනවා නේ රජය. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බලපුවාම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි රටේ ජනතාවටත් අසීරුතා තියෙනවා. ඕනම දෙයක් කරනකොට ප්‍රශ්න තියෙනවා. නමුත් රටේ බහුතරයක් අද නිවෙස්වලට වෙලා ඉන්නවා. ප්‍රථමයෙන් රෝගීන් වැඩි වුණා. දැන් වෙනකොට රෝගීන් අඩුවෙලා. මරණ අඩු වෙන්න තවත් සති 2ක් හෝ 3ක් යයි. මේ අලුත් ප්‍රභේදය නිසා රෝගය හැදිලා දින 10ක ඇතුළතත් මරණ සිදු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2019-2020 LKReports.com