Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොවිඩ් පැතිරීම පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සංචරණ සීමා ලිහිල් කරමින් ලබා දී ඇති නිදහස ඉදිරියේ දී දෛනික ආසාදිතයින් ඉහළ යාමට හේතුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ආසාදිතයින්ගේ වැඩිවීමට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමක් නොමැති බව පැවසිය නොහැකි බවය.

එසේ වුවද ජනතාවට ලබා දී ඇති ලිහිල් කිරීම් තුළින් කොවිඩ් වෛරසයේ සමාජ ව්‍යාප්තිය වර්ධනය වී ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, රට දීර්ඝ කාලයක් වසා දැමිය නොහැකි තත්ත්වයක් තුළ ජනතාව එය සමබරව පවත්වා ගත යුතු යැයිද කියා සිටියේය.

ඔබේ අදහස