පාර්ලිමේන්තුවෙන් කොරෝනා ආසාධිතයින් වාර්තා වීමත් සමගම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු 1,400කට අධික පිරිසකට පී සී ආර් පරීක්ෂණ සිදු කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගම සී සී ටී වී දර්ශන නිරීක්ෂනය මගින් ඔහුගේ සමීපතම ආශ්‍රීතයින් හදුනා ගත් බවත්, අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයද විෂබීජරණයට ලක් කළ බවත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කළා.
කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 06ක්. අමාත්‍යවරුන් වන
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට මෙන්ම පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, පියල් නිශාන්තට, හා රාවුෆ් හකීම්ටත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.