කොවිඩ් එන්නත පිළිබඳව හැම කෙනාටම බලාපොරොත්තු නොදෙන ලෙසත්, ඒ ආකාරයෙන් බලාපොරොත්තු ඇති නොකර එහි වගකීම සෞඛ්‍ය බලධාරීන්ට භාරදෙන ලෙසත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා රජයට කියා සිටියි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එම එන්නත කොයි රටෙන් කුමන මාසයේ ගෙන එනවා දැයි රජය පැහැදිලි ප‍්‍රකාශයක් නොකරන නිසා රජයට නිසි සැලැස්මක් නැති බවයි. ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂයේ නව නිලධාරී මණ්ඩලය වැඩ භාරගැනීම නිමිත්තෙන් ඊයේ (21) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“රටේ ජනතාව මුලා කරන්න එපා. එන්නතක් ගන්න කා සමගද කතා කරලා ගිවිසුම් අත්සන් කරල තියෙන්නේ? මාධ්‍යයෙන් අහන්නෙත් නැහැ. මට බැන්නත් කමක් නැහැ. ජනතාව වෙනුවෙන් මම කතා කරනවා. කොවිඞ් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය කළ ප‍්‍රකාශ සත්‍ය බව පෙනීගොස් තිබෙනවා.”