මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේදී ගුරුවරුන්ට හා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ටද ප‍්‍රමුඛතාව ලබා දෙන්නැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා රජයෙන් ඉල්ලා සිටී.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මෙරට ලක්ෂ 42 ක් පමණ වන පාසල් දරුවන්ගේ වටිනාකම තමා හොඳින්ම හදුනන බැවින්, මෙරටට ලැබුණ කොවිඩ් එන්නත ලබාදීමේදී, අපේ පාසල් පද්ධතියටත් ප‍්‍රමුඛස්ථානයක් ලබාදෙන ලෙසත්, දරුවන්ගේ දෙනෙත් පාදන ගුරු පරපුර ගැන අවධානය යොමු කරන ලෙසටත් ලලිත් වීරතුංග මහතාගෙන් ඉල්ලා සිටි බවයි.