හාලිඇල අන්තුඩුවාවෙල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකිරීම හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේදී අද සිදු කෙරෙයි.
කෙසේවෙතත් කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර සඳහා යොමුකර සිටි පුද්ගලයින්ද එම ස්ථානයට පැමිණ ඇතැයි වාර්තා වී තිබුණි.
ඒ අනුව ඔවුන්ට ඉවත්වී යන්නැයි ඉල්ලීමක් කිරීමට සෞඛ්‍ය අංශවලට සිදුවිය.
“නිරෝධායනය කරපු අය මේ අතර හිටියොත් අනෙක් අයටත් කොවිඩ් බෝ කරයි. ඒ අයට PCR, ඇන්ටිජන් කරන්නේ නැතුව එන්නත විදින්නත් බෑ. ඒ අය කරුනාකරලා අයින් වෙන්න. අයින් වෙලා ඇවිත් මාව හමුවන්න. කොරෝනා හැදුනට පස්සේ මාසයක් ඉඳලා තවත් මාසයක් ගියාට පස්සේ තමයි බෙහෙත් විදගන්න එන්න පුළුවන් වෙන්නේ,” යැයි සෞඛ්‍ය අංශ නිලධාරීන් එහිදී පවසා තිබුණි.
මේ අතර ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 3,182කි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 465,949 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
69,120 දෙනෙකු තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවන අතර සමස්ත ආසාදිතයින්ගෙන් 386,509 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමාව අවසන් කර ඇත.
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේ වනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 28 ලක්ෂ 23,147කි.
මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 94 ඉක්මවා තිබේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වැනි අග්නිදිග ආසියානු කලාපීය සමුළුවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ZOOM තාක්ෂණය ඔස්සේ ඊයේ එක්වී තිබුණි.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ මේ දක්වා වාර්තා වූ ඉහළම රෝගීන් සහ මරණ සංඛ්‍යාව මේ වසරේ හඳුනාගත් බවය.
සැප්තැම්බර් 5 වනදා වනවිට මෙරට ජනගහනයෙන් 85.87%ට වඩා එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී ඇති අතර 61.94%ට වඩා එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.