කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවීමක්

සමස්ත කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේද මෙරටින් හමුවීම සම්බන්ධයෙන් ද වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මෙහිදී අදහස් පළ කළේය.

“මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදය නම් පළමු වැනි රෝගීන් 18 දෙනාට අමතරව වෙන රෝගීන් වාර්තා වෙලා නෑ. ඒ වගේම සමස්ත රෝගීන් වාර්තාවීමේ අඩුවක් තියෙනවා. රැපිඩ් ඇන්ටිජන් වැඩියෙන් කෙරෙනවා. අහඹු PCR පරීක්ෂණත් කරගෙන යනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *