කොල්ලුපිටියේ ලංගම බස් රථයකට ගසක් කඩා වැටීම : රියදුරුට කොන්දොස්තරට සතියක රාජකාරි නිවාඩු

කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාරේදී ගසක් කඩා වැටීමෙන් අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරට සතියක රාජකාරී නිවාඩු ලබාදී ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඔවුන් දෙදෙනා ආතතියෙන් පසුවන බැවින් මෙම තීරණය ගෙන ඇති අතර, ආපදා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම රාජකාරි නිවාඩුව ලබා දී ඇති බව වාර්තා වේ.

කොල්ලුපිටියේදී ශ්‍රී ලංගම බස් රථයක් මතට පැරණි රොබරෝසියා ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *