කොරෝනා සුව වුවත් මාසයකට අධික කාලයක් වෛරසය සිරුරේ තිබිය හැකියි

කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූවත් තවත් මාසයක පමණ කාල සීමාවක් කොරෝනා වෛරසය ආසාධිතයාගේ සිරුරේ පවතින බව නවතම පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබේ. ඒ අනුව වයස අවුරුදු 50 ට අඩු අය සඳහා දින 35 ක කාලයක්, 80 ට වැඩි අය සඳහා දින 38 දක්වා කාලයක්ද වෛරසය පවතින බවට සොයාගෙන තිබේ.

මෙම තත්වය අනුව කොරෝනා රෝගීන්ගේ සිරුරෙන් වෛරසය ඉවත් වී ඇත්දැයි තහවුරු කර ගැනීමට මාසයකට වැඩි කාලයක් ගත වනු ඇති. මෙම පර්යේෂණය ඉතාලියේ රෝගීන් 1,162 ක් යොදාගෙන සිදුකර ඇති අතර, බි‍්‍රතාන්‍ය වෛද්‍ය සඟරාව විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. එහිදී හෙලි වී ඇත්තේ වෛරසය නොමැති බවට තහවුරු වන පරීක්ෂණ පහෙන් එකක් පමණ නිවැරදි නොවිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *