නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම සම්බන්ධව කිසිඳු සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය නැවත අවධාරණය කරනවා.
ඒ අනුව මෙම වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ. චීනයේ සංචාරය කර ආපසු පැමිණි සහ ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් විමසිල්ලෙන් සිටින බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලූ සංචාරකයින් ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවට ලක් වන බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.