වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය වන හුබෙයි පළාතේ දකුණු මායිමේ පිහිටා ඇති හුනාන් පළාතේ මාරාන්තික H5N1 කුරුළු උණ පැතිරී යමින් පවතී.
ෂාවොං නගරයේ ෂුවාංකිං දිස්ත්‍රික්කයේ ගොවිපලක මෙම වෛරසය පැතිරීම සිදුවිය. ගොවිපලෙහි කුකුළන් 7,850 ක් සිටින අතර ඉන් කුකුළන් 4,500 ක් මෙම වෛරස් තත්වය හේතුවෙන් මිය ගොස් ඇත. චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශ කලේ කුකුළු පැටවුන් 17,828 කට මෙම වෛරසය පැතිරී ගොස් ඇති බැවින් ඔවුන් මරා දැමිය යුතු බවයි. නමුත් හුනාන් H5N1 වෛරසය මිනිසුන්ට පැතිරීයාමේ සිද්ධියක් මේ වනතෙක් වාර්තා වී නොමැත. කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් දැඩි පීඩාවට පත්ව සිටින චීනයට මෙය තවත් ව්‍යසනයක ආරම්භයක් විය හැකිය.