කොවිඩ් ආසාධිත මෘතදේහ පිළිඹදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කුමන වාර්තා නිකුත් කළද එම මෘත දේහ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය කටයුතු කරන්නේ මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කොරෝනා මරණ ආදාහනය කිරීමෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කළත් එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද ඇමැතිවරයා පවසා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පළකලේ කැබිනට් තීරණ දැනුම් දීම සදහා ඊයේ (26) මාර්ගගත ක්‍රමය ඔස්සේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කොරෝනා මරණ පිළිබදව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වාර්තා නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇති සෞඛ්‍යමය දැනුම පිළිබද ගැටලූවක් මතුවන බවයි.