කොරෝනා බලපෑම හමුවේ ශ්‍රී ලංකන් සේවකයන්ට වැටුප් රහිත නිවාඩු

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය බරපතල අර්බුදයකට ලක්ව තිබීම හේතුවෙන් එම ගුවන් සේවයට අනියුක්ත සේවකයින්ට වැටුප් රහිත නිවාඩු ලබාදෙමින් වැටුප් කප්පාදුවක් සිදු කිරීමට එම ගුවන් සේවයේ කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයින් සඳහා 2.5% සිට 25% ක් දක්වා මාස 03 කාලයක් සඳහා අනිවාර්යය වැටුප් අඩුකිරීමක් සිදු කිරීමට එම ගුවන් සේවය තීරණය කර තිබේ.

මීට අමතරව මෙම වර්ෂයේදී කි‍්‍රයාත්මක කිරීමට නියමිත සියලූ වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවීමටත් තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *