කොරෝනා පැතිරයාම සාර්ස් (SARS) අභිබවා යයි.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2003 දී චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් (SARS) වසංගතයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අභිබවා ගොස් ඇත. මාස අටක කාලයක් පුරා පැතිරුණු සාර්ස් රෝගයෙන් වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 8,100කි. නමුත් නව කොරෝනා වෛරසය චීනයේ පමණක් ආසාදිත සංඛ්‍යාව 11,000 කට ආසන්න වී තිබේ. චීනයෙන් පිටත රටවල් 22 ක රෝගීන් 100 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එමෙන්ම සාර්ස් රෝගයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 714 ක් වූ අතර කොරෝනා රෝගයෙන් මේ වනවිට පුද්ගලයන් 259 ක් මියගොස් ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *