කොරෝනා මර්දන එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හා සංචාරකයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
එන්නත් ලබා ගැනීමෙන් පසු මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකරන ලෙසට කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව අදාළ ඉල්ලීමට අනුව අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුව විසින් ගනු ඇති බවත්, එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයන් පැය 48ක් තුළ ගත් පීසීආර් වාර්තාවක්ද සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් කළ යුතු බවටත් යුද හමුදාපතිවරයා පවසා සිටියි. එලෙස පැය 48ක් තුළ ගත් පීසීආර් පරීක්‍ෂණ වාර්තාවක් නොමැති අය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.