කොත්මලේ වාන් දොරක් ඇරේ

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට  ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක්  විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකයේ ඉල්ලා සිටියි.

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළි වල ජල ධාරිතාව ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *