වැටුප් විෂමතා ඉවත්කිරීම සහ කොතලාවල ආරක්ෂක පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනය අද 12වන දිනටත් ක්‍රියාත්මක විය.
මීට සමගාමීව, ගුරු විදුහල්පති වෘත්තීය සමිති මහනුවර සහ වවුනියාව නගරවලදී ද උද්ඝෝෂණවල නිරත වී සිටියහ.
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය මහනුවර නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මේ අතර ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය පේරාදෙණිය ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ගුරුවරුන්ගේ වෘත්තිය ගැටළු පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.